Thursday, February 5, 2009

ශ්‍රී ලංකාවේ ඈත දුර බැහැර ප්‍රදේශවල පොල්අතු සෙවිලි කල මඞුවල ඉතාමත් ආර්ථික දුෂ්කරතාමත ඉගෙනගන්නා අහිංසක ළමයි මේ රටේ ඉන්නවා. ඔවුන්ට නවීන තාක්ෂණයක් කියා දෙයක් පෙනෙන මානයකවත් නැති තරම්.. ඉටිපන්දම් එළියෙන් අකුරැ කරන ඔවුන්ගේ ධෛර්යය අහස තරම්..

එවන් වූ අහිංසක සිත් වලට රැකුලක් වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සිසුන් සූදානම්..

"සහෘද යාත්‍රා - 2009" නිර්මානය වූයේ ඒ අනුවය.. මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක් වන තිස්සමහාරාම මැදවලාන මහා විද්‍යාලයේ සිසුන්ට අත්වැලක් වන්නයි අපේ මේ සූදානම..

කිසිම පහසුකමක් නොමැතිව අකුරැ කරනා මෙම කුඞා පාසලේ මේ වනවිට ළමුන් 500 ක් පමණ අධ්‍යාපනය ලබනවා..ප්‍රාථමිකයේ සිට උසස් පෙළ කලා දක්වා පන්ති තිබුනද ඔවුන්ට හරිහමන් පුස්ථකාලයක්වත් නැහැ..
එබැවින් අපේ මේ වෑයම ඔවුන්ට පුස්ථකාලයක් තනාදී ඔවුන්ගේ විෂයන්ට අදාල පොත්ද පරිත්‍යාග කරීමටයි..

අපගේ මේ වෑයම පිපෙන්නට වෙරදරන කැකුඑ වලට අත්වැලක් වීමයි.. ඔබත් මේ සදහා දායකවන්නේ නම්;

වැඞි විස්තර::
http://www.sahurdayathra.tk

විමසන්න::
071- 8 227 332- (රැවන්)
071-209 77 33 - (තරිදු)

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. for more details ....
    visit www.sahurdayathra.org
    send your comments to sahurdayathra@gmail.com

    ReplyDelete